ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක
2023-06-18 15:04:51
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරය අරඹයි.

බ්‍රිතාන්‍යයේ සංචාරය සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මෙම සමුළුව සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා ආරාධනා ක‍ර ති‍බිණ. 

ජූනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව වන්නේ 'වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝග වලට විසඳුම් සෙවීම' යන්නයි.

මෙහිදී ගෝලීය ප්‍රජාව පීඩාවට පත්කර ඇති විවිධ අර්බුදවලට කඩිනමින් විසඳුම් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුරදී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින් ද හමුවීමට සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම