චීන ජාතිකයන්ගේ විවෘත භාවය, උණුසුම හා කරුණාවන්ත භාවය ප්‍රකට කළ Lionel Messi ගේ චීන සංචාරය
2023-06-18 19:48:58
Share with:

මෑතකදී AP News හා Reuters ඇතුළු විදේශ මාධ්‍ය ලෝප්‍රකට පා පන්දු ක්‍රීඩකයෙකු වන Lionel Messiගේ බෙයිජිංහි සංචාරය පුළුල් ලෙස වාර්තා කර තිබේ. Lionel Messi පිළිබඳ චීන රසිකයන්ගේ උණුසුම විදේශ සමාජ මාධ්‍ය වේදිකා වල ජයප්‍රිය ය. මෙවර සංචාරයේදී චීන පාපන්දු රසිකයන්ගේ උණුසුම දැඩිව දැනුණු බව Lionel Messi සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය. ආජන්ටිනා පිරිමි පාපන්දු කණ්ඩායම බෙයිජිංහි සංචාරයේ නිරත වීම පිළිබඳ වාර්තාවන් අතරින් පාපන්දුව හා ක්‍රී‍ඩාව වෙත චීන ජාතිකයන්ගේ කැමැත්ත හා උණුසුම ලොවට දක්වා තිබේ. චීන ජාතිකයන්ගේ විවෘත භාවය, උණුසුම හා කරුණාවන්ත භාවය, වර්තමානයේ චීනයේ ජවය ඉන් දැකිය හැකි ය. එමගින් බටහිර මාධ්‍ය සදා ඇති චීනය පිළිබඳ ස්වරූපය වෙනස් වී තිබේ.

පාපන්දුව‍ට සමීප වීමෙන් බොහෝ මිතුරන් හමු විය හැකි බව Lionel Messi චීන දරුවන්ට පවසා ඇත. Lionel Messi ගේ ප්‍රකාශය මෙන් වර්තමාන චීනය ජවයෙන් සපිරි අතර චීනය හා ලෝකය සමීපව සම්බන්ධ වේ. සැබෑ චීනය දැන ගැනීමට චීනයට පැමිණෙන ලෙස අප විවිධ රටවල ජනතාවට ආරාධනා කරන්නෙමු. චීනය පිළිබඳ අවබෝධය ලබා ගැනීම  මිතුරන් දැන ගැනීමට සමාන ය. අන් අයගේ කතාවට සවන් දීම වෙනුවට තමාම සියැසින් දැකගැනීම වඩාත් යෝග්‍යය.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම