කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක්
2023-06-18 15:06:04
Share with:

කොළඹ නගරයේ පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් සකස් කිරීම පිළිබඳ අවධානය යොමු වෙයි.

කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබද සාකච්ඡාවක් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේදී  පැවැත්විණ.

ගංවතුර පාලනය, මහද්වීපික වායු දුෂණ පාලනය, ගෝලීය උෂ්ණත්ව පාලනය මූලික කරගත් මෙම සැලැස්මෙන් ඉටුකර ගැනීමට අපේක්ෂිත අරමුණු රාමුව තුළ, කොළඹ නගරයේ දිවා හා රාත්‍රී කාලයේදී වාතාශ්‍රයේ ගුණාත්මක බව, කැලණි නදියේ ජල ගුණාත්මකභාවය, වෙරළ තීරයේ පාරිසරික පද්ධතිය, කඩොලාන හා ජලජ ජීවී ආරක්ෂක පද්ධතිය, වන ගහනය සහ වෘක්ෂලතා ආරක්ෂක විධිවිධාන රැකගැනීමද අයත් වෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම