ජාත්‍යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට විශේෂ ඒකකයක්
2023-06-18 15:07:23
Share with:

ජාත්‍යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්‍ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පිහිටුවීමට අධ්‍යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වෙයි.

මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව කාලීන අවශ්‍යතාවන් අනුව සංශෝධනය විය යුතු බව ද එහිදී අනාවරණය විය.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වී. රාධක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වි‍ය.

එහිදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසැල් පිළිබඳවත්, එම පාසැල් පද්ධතිය මඟින් සිසු දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය හා එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳවත් සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම