චීන-පලස්තීන සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වයක් දක්වා ඉහළ නංවාලීම තම රටේ ජනතාවට ඉදිරියට ගමන් කිරීමට ගාමක බලයක්-පලස්තීන ජනපති
2023-06-17 20:07:33
Share with:

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා පසුගිය දා චීනයේ නිල සංචාරයක නිරත විය. ඒ අතරතුර, හෙතෙම චීන මාධ්‍ය සමූහයේ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

තම මෙවර චීනයේ නිල සංචාරය වැදගත් සංචාරයක් බව Abbas මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙර‍ට සබඳතාව උපායමාර්ගික හවුල්කාරීත්වය දක්වා ඉහළ නංවන බවට චීනය ප්‍රකාශ කිරීම පලස්තීන ජනතා‍වට ආඩම්බරයක් බවත්, මෙය තම රටේ ජනතාවට ඉදිරියට ගමන් කිරීමට ගාමක බලයක් බවත් පලස්තීන ජනාධිපතිවරයා  කීය.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින ගැටළුව නිරාකරණය කිරීමට මැදිහත්වීමේ දී චීනය අවංක රටක් බව පැවසූ ජනාධිපතිවරයා මෙම ගැටළුව විසඳා ගැනීමට චීනයට නිසි බලපෑම් එල්ල කළ හැකි බවට අපේක්ෂා පළ කළේය. එහිදී  චීනය කිසිසේත් ම තම පෞද්ගලික වාසි අපේක්ෂා නොකරයි. චීනයට අවශ්‍ය මැද පෙරදිග සාමය හා ලෝක සාමයයි.

‘එක් තීරයක් එක් මාවතක් ’වැඩපිළිවෙළේ හවුල්කරුවෙකු වන පලස්තීනයට ඉන් ප්‍රතිලාභ ලබා ගත හැකි බවට අපේක්ෂා කෙරේ. චීනය මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම  චීනයට පමණක් නොව, පලස්තීනය ඇතුළු සමස්ත ලෝකයට ද එමගින් ප්‍රතිලාභ  හිමිවන බව ජනාධිපතිවරයා පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  සම්බන්ධයෙන් අදහස් දක්වමින් Abbas මහතා කියා සිටියේ හෙතෙම තම සමීප මිත්‍රයෙකු පමණක් නොව, පලස්තීන ජනතාවගේ ද මිත්‍රයෙකු බවයි. ෂී ජින් පිං මහතා සිය ප්‍රකාශ ප්‍රායෝගිකව සනාථ කරන අවංක හා විශ්වාසවන්ත පුද්ගලයෙකු බව ද පලස්තීන ජනාධිපතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේ දී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම