ඓතිහාසික ප්‍රදේශ කිහිපයක පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනපති‍ ගෙන් තීරණයක්
2023-06-17 17:03:23
Share with:

ශ්‍රී ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්‍රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරයි.

ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත්තේ අගමැති දිනේෂ් ගුණවර්ධන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමති විදුර වික්‍රමනායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවය.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව යළි ගවේෂණය කොට පුරා විද්‍යා නටබුන් සහ සංරක්ෂණය කළයුතු ස්ථාන හඳුනා ගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මේ කටයුතු ආරම්භ කරනු ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම