මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක්
2023-06-17 17:02:31
Share with:

පවතින සංකීර්ණ නීති වෙනුවට මෙරට ආයෝජන සම්බන්ධයෙන් නව පනතක් මේ වසර අවසන් වනවිට ගෙන එන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

‍ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකිරීමේදී පවතින සංකීර්ණ තත්ත්වයන් ඉවත් වන බව ඔහු පෙන්වා දෙයි.

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙරට ආයෝජන සිදුකිරීමේදී බලපත්‍ර ලබාගැනීම වැනි විවිධ කාරණා සම්බන්ධයෙන් පවතින සංකීර්ණ තත්ත්වයන් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළ අතර එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම ආයෝජකයින්ගේ ගැටලු විසඳීම ඇතුළු පහසුකම් සැපයීම සඳහා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයෝජකයන්ට පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවත් එය රජයේ සියලුම ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන බවත් දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම