ලොව පුරා මානව හිමිකම් සංවර්ධනය පිළිබඳව චීන ජනපති පළකරන ගැඹුරු අවබෝධය ජාත්‍යන්තර තලයේ පැසසුමට
2023-06-16 10:42:10
Share with:

"චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබපැතුම් පණිවුඩයෙන්, ලොව පුරා මානව හිමිකම් සංවර්ධනය පිළිබඳව ඔහු කෙරෙහි පවතින ගැඹුරු අවබෝධය පිළිබිඹු වන" බව උස්බෙකිස්තානයේ පළමු නියෝජ්‍ය කථානායක, ජාතික මානව හිමිකම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Akmal Saidov මහතා පවසයි.

පසුගියදා බෙයිජිංහි ගෝලීය මානව හිමිකම් පාලනය පිළිබඳ උසස් පෙළේ සංසදයට සහභාගි වූ ඔහු විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්ව, ෂී ජින් පිං මහතාගේ යෝජනාව ප්‍රශංසාවට ලක්කරමින් මේ බව පැවසීය. 

පසුගිය 14 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සංසදය අමතමින්, මනා සුරක්ෂිතතාව ඔස්සේ මානව හිමිකම් ආරක්ෂා කොට, සංවර්ධනය සහ සහයෝගිතාව මගින් මානව හිමිකම් ප්‍රවර්ධනය කරමින්, ගෝලීය ආරක්ෂක මුලපිරීම, ගෝලීය සංවර්ධන මුලපිරීම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය. ගෝලීය මානව හිමිකම් පාලනය පිළිබඳ චීනයේ නවතම යෝජනාව මෙය වන අතර එය ජාත්‍යන්තර මානව හිමිකම් සහයෝගිතාවට වැදගත් මාර්ගෝපදේශ සපයා තිබේ.

චීන ජනාධිපතිවරයා පැවසූ විවිධ ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන ශක්තිමත් කොට මානව හිමිකම් ශිෂ්ටාචාරයේ ප්‍රගතිය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම, එම ක්ෂේත්‍රයේ මතභේද තුරන් කිරීමට උපකාරී වනු ඇතැයි සංසදයට සහභාගි වූවන් විශ්වාසය පළ කර තිබේ.

මානව හිමිකම් ආරක්ෂා කිරීම මානව වර්ගයාගේ පොදු පරමාදර්ශයයි. එය දේශපාලනීකරණය නොකළ යුතුය. එහෙත්, ඇතැම් බටහිර රටවල් තම රටවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අන්ධයන් මෙන් ක්‍රියා කරමින්, "මානව හිමිකම්" මුවාවෙන්ම වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් ව ඒවායේ සංවර්ධනය මැඩපවත්වයි. කෙසේවෙතත්, චීනයේ විශ්වාසය වන්නේ මානව හිමිකම් පිළිබඳ "විනිසුරුවරයෙකු" වීමට කිසිදු රටක් සුදුසුකම් නොලබන බව යි. එසේම, මානව හිමිකම් සංවර්ධනයේ මාවත ස්වාධීනව තෝරා ගැනීමට සෑම රටකටම අයිතියක් ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම