ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වේ
2023-06-16 18:51:56
Share with:

ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවයි.

ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීමේ වැඩසටහන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා (12) මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම වැඩසටහන මගින්  පාරම්පරික වෛද්‍යවරුන් මුහුණ දී සිටින  ගැටළු නිරාකරණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීම සහ ඔවුන්ගේ ජීවන තත්වය නංවාලීම සඳහා අමාත්‍යාංශයේ දායකත්වය ලබා දීම, දේශීය වෛද්‍ය ක්‍රම සංරක්ෂණය, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ක්‍රමවේද හඳුන්වා දීමද මූලික වශයෙන් සිදු කෙරිණ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම