ලෝක බැංකුවෙන් මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයට රුපියල් මිලියන 3800 ක්
2023-06-16 18:54:19
Share with:

ලෝක බැංකුව මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ 2027 දක්වා වසර පහක කාලයක් වෙනුවෙන් රුපියල් මිලියන 3800 ක මුදලක් ලබාදී තිබේ. ඉන් රුපියල් මිලියන 1500 ක් මෙරට පශු සම්පත් අංශයේ සංවර්ධනයට වෙන් කර ඇත. එමගින් “කිරෙන් සපිරි” රටක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන වෙන් කර තිබේ. 2014 වසරෙන් පසු පශු සම්පත් අංශය සංවර්ධනයට වෙන් කළ වැඩිම මුදල් ප්‍රමාණය මෙය බව ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

මීට අමතරව කෘෂි මාර්ග සංවර්ධනය සදහා රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කර ඇත. ඒ යටතේ මෙතෙක් ප්‍රතිසංස්කරණය නොකළ ග්‍රාමීය කෘෂි මාර්ග අලුත්වැඩියා කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම