‘ එක් තීරයක් එක් මාවතක් ’ සිනමා සතිය ‍ගෝලීය සිනමා ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරු කර ගැනීමට ලබා දෙන්නේ සාධනීය පිටුබලයක්
2023-06-15 15:18:01
Share with:

ඉකුත් 9වැනි දා සිට එළඹෙන 18වැනි දා දක්වා Shanghai ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වෙනවා. ඒ අතරතුර පැවැත්වෙන ‘ එක් තීරයක් එක් මාවතක් ’ සිනමා සතියට ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල නව චිත්‍රපට 20ක් ප්‍රදර්ශනය කෙරුණා.

මේ වසරේ,‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ 10වැනි සංවත්සරය සැමරෙනවා.  එමෙන් ම Shanghai ජාත්‍යන්තර සිනමා උළෙල,‘ එක් තීරයක් එක් මාවතක් ’ සිනමා සතිය ආරම්භ කිරීමේ 5වැනි සංවත්සරය ද මේ වසරට යෙදී තිබෙනවා. ගතවූ වසර 5 තුළ, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල චිත්‍රපට 115ක් අදාළ සිනමා ප්‍රදර්ශනවලට එක්ව තිබීම විශේෂත්වයක්.

ඉන්දුනීසියාවේ Yuni නැමැති චිත්‍රපටය, ඊශ්‍රායලයේ චිත්‍රපටයක් වන Valeria is Getting Married, කසකස්ථානයේ The Start ඇතුළු චිත්‍රපට මෙවර‘ එක් තීරයක් එක් මාවතක් ’ සිනමා සතියේ දී තිරගත වුණා. එහි නරඹන්නන්ට බහුවිධ ආකාරයෙන් යුත් සිනමා නිර්මාණ රස විඳීමට අවස්ථාවක් එමගින් සලසා තිබෙනවා. එමෙන් ම, ‘ එක් තීරයක් එක් මාවතක් ’ සිනමා චාරිකා වැඩසටහන හරහා, a First Farewell ඇතුළු චීනයේ ගුණාත්මක චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවක් ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 20කදී පමණ තිරගත වීම ද කැපී පෙනෙවා.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම