විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම තවත් මාස හයකට සීමා කෙරේ
2023-06-15 14:57:09
Share with:

ශ්‍රී ලංකාවේ නිල සංචිත ගොඩනැගීම අඛණ්ඩව සිදු කිරීම සඳහා විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම තවත් මාස හයකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ලබන 30 වැනි දා සිට මාස 6 ක කාලයක් සඳහා විදේශ විනිමය මෙරටින් පිටතට ගලා යාම සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත .

විදේශයන්හී සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් හේතුවෙන් මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා වැඩි වුවත් එය ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත ශ්‍රී ලංකාව සතුව තිබූ බවත් මහ බැංකුව ඉදිරිපත් කළ ඉල්ලීමක් මත ලබන තිස් වෙනිදා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම සීමා කිරීම පැන වූ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම