පලස්තීන-ඊශ්‍රායල අර්බුදය සම්බන්ධ චීනයේ ස්ථාවරය ජගත් අවධානයට
2023-06-15 20:44:48
Share with:

               

                පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා චීනයට පැමිණ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමු වූ අවස්ථාවේදී පලස්තීන ප්‍රශ්නය විසඳීම‍ට ගතයුතු පියවර සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා අදහස් දැක්විය. මැද පෙරදිග රටවල මාධ්‍ය එම අදහස් ඉහළින් අගය කර ඇත. චීනයේ මැදිහත්වීමෙන් ඉරානය හා සෞදි අරාබිය දිගු කාලයක් පුරා පැවති එදිරිවාදීකම් පසෙකලා තානාපති සම්බන්ධතා ස්ථාපිත කර තිබේ. චීනයේ මෙහෙවර අගය කරමින් මැදපෙරදිග රටවල ජනතාව බහුල වශයෙන් පිළිගෙන ඇත්තේ පලස්තීන-ඊශ්‍රායල සාම සාකච්ඡා වෙනුවෙන් චීනයට කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.

                පලස්තීන-ඊශ්‍රායල සාම ක්‍රියාදාමය වෙනුවෙන් චීනය අඛණ්ඩව උත්සාහ දරමින් සිටී. පසුගිය මාර්තු මස චීනයේ විශේෂ දූතයෙක් පලස්තීනයේ හා ඊශ්‍රායලයේ සංචාරය කළේ ය. පසුගිය අප්‍රේල් මස චීන විදේශ අමාත්‍යවරයා පලස්තීන හා ඊශ්‍රායල විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සංවාද පැවැත්විය. මෙවර පලස්තීන ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී චීන ජනාධිපතිවරයා පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය ස්ථාවරය හා අදහස් යළි පැහැදිලි කර ඇත. 1967 වසරේ නියම කෙරුණු දේශසීමා පදනම් වන, නැගෙනහිර ජෙරුසලම අගනුවර වශයෙන් පිහිටුවන පූර්ණ ස්වාධිපත්‍යය හිමි ස්වාධීන පලස්තීනයක් ස්ථාපිත කිරීම, පලස්තීන ප්‍රශ්නය විසඳීමට ඇති මූලිකම මාර්ගය බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.  මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය දැරුවේද  සමාන මතයකි. එහෙත් ඊශ්‍රායලය දෙස සිටිමින්  පලස්තීනයේ නිත්‍යනුකූල අයිතීන් නොතකා ඇමරිකාව සැමවිටම කටයුතු කරන බැවින් පලස්තීනය හා ඊශ්‍රායලය අතර පවතින ගැටුම් තව තවත් උග්‍ර විය.

               පලස්තීනයේ ආර්ථික අවශ්‍යතා සපුරාලිය යුතු බවත්, ජගත් ප්‍රජාව පලස්තීනයට වඩාත් සංවර්ධන සහාය හා මානුෂීය ආධාර සපයා දිය යුතු බවත්, චීනය අවධාරණය කරයි. චීනය වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද පලස්තීනයට විවිධාකාර සහයන් ලබා දී තිබේ.පෙර මෙන් ඉදිරියේදීත් පලස්තීනයට අඛණ්ඩව මානුෂීය ආධාර සපයන බව චීන ජනාධිපතිවරයා කියා සිටී. පලස්තීන ප්‍රශ්නය විසඳීම වෙනුවෙන් චීනය සක්‍රීය ව මැදිහත් වී කටයුතු කරන්නේ කිසිදු වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ. පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා නිවැරදි දිශානතිය ඔස්සේ සාම සාකච්ඡා පැවැත්විය යුතු බව චීනය පෙන්වා දෙයි. පලස්තීන-ඊශ්‍රායල ගැටුම නිරාකරණය කිරීමේදී චීනය "සැබවින්ම මධ්‍යස්ථ" බව ඇමරිකාවේ Diplomat සඟරාව පවසා ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම