මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ සම්පූර්ණ කෙරේ
2023-06-14 17:33:09
Share with:

මන්නාරම සහ පූනරින් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසයි.

එම ව්‍යාපෘතිය පිළිබඳව සහ එහි කටයුතු ආරම්භ කිරීමේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අදානි සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් සර්දානා මහතා ඇතුළු නිලධාරීන් සමඟ පැවති බවත් එහිදී එම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇති ගැටළු, අභියෝග සහ ඉදිකිරීම් කාල රාමුව පිළිබඳව අවධානය යොමු කළ බවත් අමාත්‍යවරයා කීය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම