ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටාර් 16,000ක බඩඉරිඟු වගා කිරීමට පියවර
2023-06-14 17:31:51
Share with:

ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටාර් 16,000ක බඩඉරිඟු වගා කිරීමට පියවර ගැනේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගීත්ව වැඩ සටහන මඟින් ඊ‍ට අවශ්‍ය සහයෝගය පළ කිරීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල එකඟතාව පළ කර ති‍‍බේ.

එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM මහත්මිය ඊයේ (13) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාල ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර ඇත.

මෙරට සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටාර් 16,000ක් තෝරා ගෙන ඇත.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම