සංචාරකයින් ගේ පැමිණීමේ වර්ධනයක්
2023-06-14 17:33:48
Share with:

පසුගිය වසරට සාපේෂව මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව එම අධිකාරිය පැවසුවේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට විදෙස් සංචාරකයින් 556,395 දෙනෙකු පැමිණ ඇති බවය.

ඉන් වැඩි පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 105,159කි.

එමෙන්ම ඉන්දීය සංචාරකයින් 99,147දෙනෙකු පැමිණ ඇති අතර බ්‍රිතාන්‍ය සංචාරකයින් 45,108 දෙනෙකු පැමිණ තිබේ.

පසුගිය වසරේ මැයි මාසය දක්වා මෙරටට සංචාරකයින් පැමිණ ඇත්තේ 378,521 දෙනෙකු පමණි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම