ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්
2023-06-13 16:04:19
Share with:

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, රත්නපුර, ඇලපාත, කලවාන, පැල්මඩුල්ල සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර එක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම