සෑම මාස 03ක‍ට වරක් ඖෂධ මිල සමාලෝචනයට පියවර
2023-06-13 16:06:50
Share with:

සෑම මාස 03ක‍ට වරක් ඖෂධ මිල සමාලෝචනය කරමින් එම මිල අඩු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකි වෙතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

එළඹෙන 15 වන දා සිට ඖෂධ මිල 16% කින් අඩු කිරීමට අවශ්‍ය නෛතික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවද හෙතෙම කියා සිටී.මේ අතර තවත් වෛද්‍යවරු 406 ක් ලබන 27 වනදාට පෙර සීමාවාසික පුහුණුව සඳහා යොමු කරමින් මෙරට වෛද්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරන අතර හෙද සේවාව සඳහා ඉදිරි මාසය වන විට 2200 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බවද  අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම