ශක්තිමත්ව වැඩෙන චීන -හොන්ඩියුරස් සබඳතාව
2023-06-13 20:55:56
Share with:

                 

                  මධ්‍යම ඇමරිකාවේ පිහිටි හොන්ඩියුරස් රාජ්‍යය චීනයේ නව මිතුරෙකු බවට පත් වී ඇත්තේ පසුගිය මාර්තු මස 26වැනි දා චීනය සමග රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කිරීමෙන් අනතුරුව ය. ඊයේ (12 ) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සංචාරයක් සඳහා බෙයිජිං නුවරට පැමිණි හොන්ඩියුරස් ජනාධිපතිනි Iris Xiomara Castro Sarmiento මහත්මිය සමග සාකච්ඡා පැවැත්විය. එම නායක හමුව දෙරටේ නව ඓතිහාසික පරිච්ඡේදයක් බව චීන හා හොන්ඩියුරස් මාධ්‍ය ඒකමතිකව පවසා ඇත.

                   චීන-හොන්ඩියුරස් සබඳතාව“විශාල ගසක් බඳු”යැයි හොන්ඩියුරස් විදේශ අමාත්‍ය Eduardo Enrique Reina මහතා කියා සිටී. Castro Sarmiento ජනාධිපතිනියගේ මෙවර චීන සංචාරය මෙම ගසට වඩාත් පෝෂණ එක් කර තිබේ. චීනය හා හොන්ඩියුරස් රාජ්‍යය අතර පවතින දේශපාලන විශ්වාසය එම විශාල ගසේ මුලයයි. එකම චීනය ප්‍රතිපත්තිය ද්විපාර්ශ්වික සම්බන්ධතා සඳහා වන මූලික දේශපාලන පදනම වේ. චීන ජනාධිපතිවරයා Castro Sarmiento ජනාධිපතිනිය සමග හමු වූ අවස්ථාවේදී එකම චීනය ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය. ගසක මුලය ශක්තිමත් බැවින් එහි ‍ අතු සහ කොළ සරුවට වැවේ. චීනය හා හොන්ඩියුරස් රාජ්‍යය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වැඩි කාලයක් ගත නොවුණ ද එම සම්බන්ධතා ඉතා විධිමත් ව හා සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව ‍චීන රේගු සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ.

               චීනය චීන ලක්ෂණයන් ගේ යුත් නවීකරණය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරමින් සිටී. ඉන් ලෝකයේ සෙසු රටවලට නව අවස්ථා ද ගෙන දෙනු ඇතැයි විශ්වාස කෙරේ. තමන් හොන්‍ඩියු‍රස් ජනතාවගේ අපේක්ෂා ඇතිව චීනයට පැමිණි බව  Castro Sarmiento ජනාධිපතිනිය චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී කියා සිටියා ය. කිසිදු රටකට වෙනස්කම් නොකර කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව සෙසු රටවල් සමග සහුද සම්බන්ධතා ගොඩ නැගීම චීනයේ වෙනස් නොවන රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත ය. මෙය මැනවින් අවබෝධ වූ හොන්ඩියුරාස් රාජ්‍යයට තමන් කළ නිවැරදි තෝරාගැනීම පිළිබඳ ඉදිරියේදී වඩාත් සතුටු වනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම