ආර්ථික සහාය පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිරයා ලන්ඩනයේ හා ප්‍රංශයේ නිල සංචාරයක
2023-06-12 15:45:10
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 දා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

පැරිස් සමාජයේ ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන රටවල් සමඟ සාකච්ඡා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය තුළදී සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉදිරි කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ. ජනාධිපතිවරයා දින පහකට ආසන්න කාලයක් ලන්ඩනයේ සහ ප්‍රංශයේ ගත කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම