තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹේ
2023-06-11 16:29:48
Share with:

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ප්‍රදේශවල දී  ඊයේ (10) ආරම්භ කරනු ලැබීය.

කෘෂිකර්මාන්තය කෙරෙහි තරුණ ප්‍රජාව ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණයි. මෙරට වී වගාවේ නිරත ගොවීන්ගෙන් 80 % ක් පමණ අවුරුදු 50 ඉක්ම වූ අය වෙති. එහෙත් පලතුරු, එළවළු හා මල් වගාව කෙරෙහි තරුණ ප්‍රජාවගේ විශාල දායකත්වයක් හා කැමැත්තක් පවතී. මේ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්  වැඩි ආදායම් ඉපැයිය හැකි කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන් ඉදිරියේ දී  සකස් කරන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන තුළින් දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ඉලක්ක කර ගත් බෝග වර්ග වගා කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා නව තාක්ෂණය සැපයෙනු ඇත.

දේශගුණ සුහුරු වාරි ප්‍රතිසංස්කරණය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 36 ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම