“සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමේ දී සංචාරක ව්‍යාපාරය උපරිමයෙන් දායක කර ගන්නා බව ජනපති කියයි
2023-06-11 15:11:30
Share with:

මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවට ආවේණික ඉවුම්පිහුම් කලාව ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව ඇති බවත්, එය ප්‍රවර්ධනයට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවත් හෙතෙම කියාසිටී.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ  ඊයේ (10) ආරම්භ කෙරුණු “2023 සූපශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනයේ”සමාරම්භක උත්සවය අමතමිනි. සූපශාස්ත්‍ර පිළිබඳ පාසලක් ස්ථාපනය, සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීම ඇතුළු ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සූපශාස්ත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශන කුටි 88 කින් මෙවර එය සමන්විත වන අතර එම ප්‍රදර්ශන කුටි නිරීක්ෂණයට ද ජනාධිපතිවරයා එක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම