කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවලට ශ්‍රමිකයන් යොමුකිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට පියවර
2023-06-11 16:05:13
Share with:

කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රමිකයන් යොමුකිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර  අදාළ ගිවිසුම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අත්සන් තැබිණ.

මෙම ශ්‍රමිකයන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමට ද නියමිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමස්ත පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය අධීක්ෂණය කරනු ඇත.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම