ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව යන රටවල ‘ න්‍යෂ්ටික කුමන්ත්‍රණයක් ’
2023-06-10 18:17:04
Share with:

මේ දිනවල පැවැත්වෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ජූනි මස කවුන්සිල රැස්වීමේ දී, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විරෝධයට ලක්විය. එම සහයෝගිතාව සම්බන්ධයෙන්, විශේෂ දේශනයක් පැවැත්වූ චීන ස්ථාවර නියෝජිත ලි සොන්ග් මහතා එහි දී  ඉල්ලා සිටියේ, එම ගැටළුව රාජ්‍ය මට්ටමින් පරීක්ෂා කරන ලෙස යි. රුසියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව, බ්‍රසීලය ඇතුළු රටවල් 20 කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ චීනයේ එම ස්ථාවරය කෙරෙහි එකඟතාව පළ කළහ.

චීනයේ මෙහෙයවීම යටතේ, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය අඛණ්ඩ ව රාජ්‍ය මට්ටමින් එම ගැටළුව පරීක්ෂා  කළ 8 වැනි අවස්ථාව මෙයයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව යන රටවල් තුන එම ඒජන්සියේ ලේකම් කාර්යාලයේ අනුමැතිය සැලසුම් සහගතව බලහත්කාරයෙන් අත්පත් කරගැනීමට දැරූ උත්සාහය ද මෙමගින් ව්‍යර්ථ කරනු ලැබීය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව මගින්, ‘න්‍යෂ්ටික අවි නිර්ව්‍යාප්ත කිරීමේ ගිවිසුම’ ‘ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ රෙගුලාසි’ මෙන් ම ‘දකුණු ශාන්තිකර නිර්න්‍යෂ්ටික කලාප ගිවිසුම’ යන එකඟතා සියල්ල උල්ලංඝනය වනු ඇත. න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතා පවත්වන බව කියා ගන්නා අදාළ රටවල් තුනේ කූඨ අරමුණ වන්නේ න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීමයි.

එම රටවල් තුනේ න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව අනතුරුදායක යුදමය තරගකාරීත්වයේ ඇරඹුම වනු ඇති බවට කාම්බෝජ අග්‍රාමාත්‍ය Houn Sen මහතා ද පසුගිය 5 වැනි දා අනතුරු අඟවා ඇත. ආසියාන් සංගමය න්‍යෂ්ටික අවි ව්‍යාප්තියට තරයේ ම විරුද්ධ වන බව ද හෙතෙම පවසයි.

න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතා පැවැත්වීම මෙම රටවල් තුනට තමා විසින්  තීරණය කළ නොහැකි කාරණයකි. ඊට අදාළව තීරණ ගත යුත්තේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් විසිනි.

මීට අමතරව ඇමරිකාව, බ්‍රිතාත්‍යය හා ඕස්ට්‍රේලියාව ‘ජාත්‍යන්තර පටිපාටිය’ හුවා දක්වමින් කිසියම් කණ්ඩායමක් සමග පක්ෂපාතී වන ලෙස ද සාමාජික රටවලට බලපෑම් එල්ල කර තිබේ. මෙම දෙබිඩි ක්‍රියාව, එම රටවල් තුනේ ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීමේ පිළිවෙත සනාථ කරන තවත් සාක්ෂියක් බවට පත් ව ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම