වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාදීම උදෙසා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සහයෝගිතාව අපේක්ෂා කරන බව බොස්නියා හර්සගොවිනා රාජ්‍යයේ විධායක මණ්ඩල සභාපතිනිය පවසයි
2023-06-10 15:49:37
Share with:

චීනය සහ බොස්නියා හර්සගොවිනා රාජ්‍යය අතර බැඳීම දෙරට සහයෝගිතාව විසින් වඩාත් සමීප කර ඇතැයි එරට විධායක මණ්ඩල සභාපතිනි Željka Cvijanović මහත්මිය කියාසිටී. චීන ආයෝජන ආධාරයෙන් බොස්නියා හර්සගොවිනාහි ප්‍රධාන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒවා ඒකාබද්ධව ක්‍රියාවට නැංවිය හැකිවීම ගැන තමා ආඩම්බර වන බව ද ඇය පවසයි. දෙරට අතර සහයෝගිතාව මීට වසර ගණනාවකට පෙර ඇරඹුණේ විශාල ව්‍යාපෘතියක් සමගිනි. එනම්, Srpska ජනරජයේ Stanari තාප බලාගාර ව්‍යාපෘතිය යි. දෙපාර්ශ්වය එක්ව ඉදිකළ තවත් විශාල ව්‍යාපෘතියක් ද මේ වසරේ නිම කිරීමට නියමිතය. ඒ යටතේ Srpska ජනරජයේ ඩොබෝයි නගරයේ නවීන ප්‍රාදේශීය රෝහලක් ද විවෘත කෙරේ. මෙමගින් බොස්නියා හර්සගොවිනා හි සිටින ජනතාවට දැනට පවතින තත්ත්වයට වඩා බෙහෙවින් උසස් වෛද්‍ය සේවා හිමිවනු ඇත.

මීට අමතරව, බොස්නියා හර්සගොවිනාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතා ව්‍යාපෘති ද ක්‍රියාවට නැංවීමට නියමිතය. ඒවා සාර්ථක වේවා යි, තමා ප්‍රාර්ථනා කරන බව ද Željka Cvijanović මහත්මිය පැවසුවාය. බොස්නියා හර්සගොවිනාහි සමස්ත ජනතාව චීන ව්‍යාපෘතිය පිළිබඳ සතුටු වනු ඇතැයි  යන්න ඇගේ විශ්වාසයයි. චීන ආයෝජන සම්බන්ධයෙන් තම රට සතු විවෘත ආකල්පය මෙන්ම දෙරට අතර මිත්‍රත්වය සහ හවුල්කාරීත්වය මින් මනාව පිළිබිඹු වන බව ද සභාපතිනිය පවසයි.

Željka Cvijanović මහත්මිය වසර හයක් Srpska ජනරජයේ අගමැති ධුරය දැරූ නායිකාවකි. එබැවින්, ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ හා අවංක මිතුරෙකු මෙන්ම හවුල්කරුවෙකු සිටීමේ වැදගත්කම ඇය ‍හොඳින් දනී. මේ තත්ත්වයන් හමුවේ දෙපාර්ශ්වය අතර සහයෝගිතාව අඛණ්ඩව ශක්තිමත් වූ බවද Željka Cvijanović මහත්මිය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම