චීන-ලාඕස දුම්රිය සේවාවෙන් කලාපීය ජනතාවට ප්‍රතිලාභ
2023-06-09 16:10:18
Share with:

පසුගිය 3වැනි දා වන විට, චීන-ලාඕස දුම්රිය සේවාව ආරම්භ කර මාස 18ක් සම්පූර්ණ වී තිබෙනවා. එමගින් ප්‍රවාහනය කර ඇති සමස්ත මගීන් සංඛ්‍යාව එක් කෝටි හැට හතර ලක්ෂයක් වන අතර, මෙට්‍රික් ටොන් දෙකෝටි 10ලක්ෂයක භාණ්ඩ ද එමගින් ප්‍රවාහනය කෙරුණා. මෙම දුම්රිය සේවා‍වෙන්, දෙරටේ ජනතාවගේ ගමන් බිමන් වලට පහසුකම් සැලසී තිබෙනවා පමණක් නොව, වෙළඳ සම්බන්ධතාව ද සක්‍රිය ව තහවුරු කර තිබීම විශේෂත්වයක්.

චීන-ලාඕස දුම්රිය මාර්ගය, ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ අධි ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීම සඳහා වන සංධිස්ථානාත්මක ව්‍යාපෘතියක්. 2021 වසරේ දෙසැම්බර් 3වැනි දා එහි ධාවනය ඇරඹුණා. දෙරටේ ජනතාවේ මිත්‍රත්වය, සුබසිද්ධිය හා දියුණුව සඳහා වන ප්‍රශස්ත මාර්ගයක් බවට එය පත් වී තිබීම කැපී පෙනෙනවා.

මේ අතර, ලාඕසය, තායිලන්තය ඇතුළු ආසියන් සංගමයට අයත් රටවල ගුණාත්මක පළතුරු සීතල පරිසරයකින් යුතුව  ප්‍රවාහනය කිරීමේ හැකියාවත් ඉන් සැලසී තිබෙනවා. මේ හරහා, එම රටවල පළතුරු මෙට්‍රික් ටොන් 23දහසක් ප්‍රවාහනය කර තිබෙනවා.

මීට අමතරව, චීන-ලාඕස දුම්රිය සේවාවට අනුබද්ධ විදේශ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා මේ වනවිට, චීනයේ ප්‍රදේශ 25ක ආරම්භ කර තිබෙනවා. ඉන් ප්‍රවාහනය කෙරෙන භාණ්ඩ වර්ග 2000කට වැඩි සංඛ්‍යාවක් දක්වා පුළුල් වීම විශේෂයෙන් ම සඳහන් කළ යුතු කා‍‍‍රණයක්.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම