චීනයේ කෘෂිකාර්මික අංශය හරිත සංවර්ධනයකට පිවිස ඇති බවට අනාවරණයක්
2023-06-08 10:07:29
Share with:

චීනයේ කෘෂිකාර්මික අංශය හරිත සංවර්ධනය අඛණ්ඩව පුළුල් කර ඇති අතර, 2021 සහ 2022 වසරවලදී උසස් මට්ටමේ හරිත සංවර්ධන ප්‍රවේශයකට ‍පිවිස ඇති බව චීන කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ චීන කෘෂිකාර්මික හරිත සංවර්ධන පර්යේෂණ සංගමය විසින් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙයි.

ඒ අනුව ධාන්‍ය සහ ඉහළ වටිනාකමක් සහිත කෘෂිකාර්මික නිෂ්පාදිතවල නිෂ්පාදන හැකියාව ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එමෙන්ම, මහා පරිමාණයේ හා මධ්‍යම පරිමාණයේ වාරි දිස්ත්‍රික්ක 505ක් නවීකරණය කර, 2022 වසරේදී හෙක්ටයාර මිලියන 2.25ක් වූ වාරි ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කර ඇති බව ද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

2022 වර්ෂය අවසානය වන විට චීනය කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රවේශ 102 ක් සහ හරිතමය ආහාර අමුද්‍රව්‍ය සඳහා ප්‍රමිතිගත නිෂ්පාදන ප්‍රවේශ 748 ක් නිර්මාණය කිරීමට ද සමත්ව ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම