චීනයේ ආනයන-අපනයන වටිනාකමේ මාස 4ක අඛණ්ඩ වර්ධනයක්
2023-06-08 10:01:49
Share with:

මේ වසරේ මුල් මාස 5 තුළ චීනයේ ආනයන හා අපනයන නිමැවුම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 4.7%ක වර්ධනයක් වාර්තා කරයි. සමස්ථ ආනයන අපනයන නිමැවුම පසුගිය මාස 5 තුළ චීන යුවාන් ට්‍රිලියන 16.77ක් විය. මේ බව චීන රේගු මහා පරිපාලනය ඊයේ (7) නිකුත් කළ දත්ත වාර්තාවන් හි දැක්වේ.

මේ වසරේ පෙබරවාරි සිට, අඛණ්ඩව මාස 4 ක් චීනයේ මාසික ආනයන හා අපනයන වටිනාකම ගිය වසරේ සමාන කාලයට වඩා වර්ධනයක් පවත්වා ගෙන ඇත. චීනයේ විදේශ වෙළඳාමේ ස්ථාවර ශක්තිය පිළිබිඹු කරමින් පසුගිය මැයි මාසයේ එම වර්ධනය 0.5% ක් ලෙස සටහන් විය.

මේ වසරේ, චීන ආර්ථිකයේ මනා සංවර්ධන ප්‍රවණතාව එහි විදේශ වෙළඳාමට ශක්තිමත් ගාමක බලයකි. විදේශ වෙළඳාමේ පරිමාණය හා ව්‍යුහය ප්‍රවර්ධනයට චීන රජය විවිධ ප්‍රතිපත්ති නිකුත් කර තිබේ. අදාළ ව්‍යවසායන්හි බාහිර ඉල්ලුම අඩු වීමෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහාය වීමට මෙන්ම, අඛණ්ඩව මාස 4 ක වර්ධනයන්ට ද එම ප්‍රතිපත්ති හේතු වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම