යුක්‍රේනයේ Kakhovka ජල විදුලි බලාගාර වේල්ලට සිදුව ඇති හානිය තවත් දරුණු වන ලකුණු
2023-06-08 09:19:59
Share with:

යුක්‍රේනයේ Kakhovka ජල විදුලි බලාගාර වේල්ලට සිදුව ඇති හානිය තක්සේරු කිරීමට එක්සත් ජාතීන්ගේ ආයතනවල නියෝජිතයෝ එම වේල්ල පිහිටි ප්‍රදේශයට යති. අදාළ හානිය ත‍ක්සේරු කිරීම හා මානුෂීය ආධාර සම්බන්ධීකරණය ඔවුන්ගේ අරමුණ වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයේ නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ තවත් නියෝජිතායතන 5ක සාමාජිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයන් ද ‍එහි ගොස් සිටින බව ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගු‍ටෙරස් මහතාගේ ප්‍රකාශකයා පැවසීය. ඉදිරි පැය කිහිපයේදී එම විපත තවත් දරුණු විය හැකි බවට ඔවුන් දැනුම් දී ඇතැයි ද හෙතෙම කියා සිටී. ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර බොහෝ ගම්මාන හා නගර ජලයෙන් යටවී තිබේ. මෙම තත්ත්වය ජනතාවගේ අත්‍යවශ‍්‍ය සේවා සැපයුමට බලපාන අතර බරපතල සෞඛ්‍ය අවදානම් ද ගෙන දෙන බව ජගත් මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා සඳහන් කළේය. 1500 ක පමණ පිරිසක් ජල ගැල්මට හසුවී ඇති සිය නිවාසවලින් ඉවත්ව සිටින අතර තවත් පිරිස් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇති බවද එක්සත් ජාතීන‍්ගේ සංවිධානය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම