ඇමරිකාවේ Delaware හා New York ජනපදවල වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම් අඛණ්ඩවම
2023-06-08 10:03:46
Share with:

ඇමරිකාවේ Delaware හා New York ජනපදවල වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම් අඛණ්ඩව නිකුත් කෙරේ. ඇමරිකාවේ Delaware ජනපදයේ ස්වභාවික සම්පත් හා පරිසර පාලනය පිළිබඳ දෙපාර්තමේන්තුව ඊයේ (7) අදාළ අනතුරු ඇඟවීම සිදු කර ඇත. ඒ අනුව, 7 සහ 8 යන දිනවල එම ජනපදයේ වායුවල ගුණාත්මකභාවය හිතකර නොවන බවට අනාවැකි පළ කර ඇත. එළිමහන් ක්‍රියාකාරකම් අවම කරන ලෙසත්, පුරවැසියන්ට මුඛ ආවරණ පැළඳින ලෙසත්, හැකි සෑම විටම පිරිසිදු වායු සහිත ස්ථානවල රැඳී සිටින මෙන් එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.

ඊට අමතරව, New York නගරාධිපති Eric Adams මහතා ද අදාළ අනතුරු ඇඟවීම සිදු කළේය. New York නගරයේ වායුවල ගුණාත්මකභාවය අවම වීම 8වැනිදා පස්වරුවේ සිට යළි දූෂණය විය හැකි බව හෙතෙම පැවසීය. නමුත් මේ වන විට දුරස්ථව පවතින දුමාරයන්හී චලනය වෙනස් වන ආකාරය පිළිබඳ අනාවැකි ප්‍රකාශ කළ නොහැකි බැවින් 9වැනිදා සිට වායු තත්ත්වය සම්බන්ධයෙන් ද නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම