උතුරු චීනයේ වන ආවරණය ශක්තිමත් කිරීමට ෂී ජින්පිං මහතාගේ අවධානය
2023-06-07 11:41:33
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගියදා ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Bayan Nur නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුර,  කාන්තාරකරණය විස්තීර්ණ අයුරින් වැළැක්වීම තේමා කර ගත් සාකච්ඡාවක මුලසුන දැරුවේය. දුෂ්කරතාවලට බිය නොවී චීනයේ උතුරු මායිම් ප්‍රදේශයේ හරිත තීරය වඩාත් ශක්තිමත් කරමින් කාන්තාර පාලනය පිළිබඳ නව ක්‍රමෝපායන් තවදුරටත් නිර්මාණය කළ යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

ෂී ජින්පිං මහතා මෙවර නිරීක්ෂණ චාරිකාව සිදු කළේ චීනයේ කාන්තාරකරණය දැඩිව බලපාන ප්‍රදේශවලින් එකකය. 70 දශකයේ අගභාගයේ සිට චීන රජය විසින් වයඹ, උතුරු හා ඊසානදිග ප්‍රදේශවල කෘත්‍රිම වනාන්තර සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. වර්ග කිලෝමීටර් මිලියන 4.35ක වපසරියකින් ආවරණය වන අදාළ කලාපය චීන භූමියෙන් සියයට 45ක ප්‍රමාණයක් නියෝජනය කරයි. හරිත මහා ප්‍රාකාරය ලෙස හැඳින්වෙන එම ව්‍යාපෘතියේ සැලසුම් සංවර්ධන කාලසීමාව වසර 70කි. එය අදියර අටකින් යුක්ත වන අතර,  මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ එහි හය වැනි අදියරයි.

වසර 40ක අඛණ්ඩ ප්‍රයත්නයෙන් පසුව චීනයේ කාන්තාරකරණය වූ කලාපයේ ආර්ථික, සමාජ හා ජෛව වන ස්වරූපයන්ගේ පැහැදිලි වෙනසක් දක්නට ලැබේ.  1977 වසරේ සියයට 5.05ක් වූ වයඹ, උතුරු හා ඊසානදිග චීනයේ කෘත්‍රිම වනාන්තර සංවර්ධන ව්‍යාපෘතියෙන් ආවරණ වන කලාපයේ වන ඝනත්වය 2020 වසර වන විට සියයට 13.84 දක්වා වැඩි වී ඇත. චීනය ස්වාභාව ධර්මයටත්, රටේ තත්ත්වයටත්, භූගෝලීය ස්වරූපයටත් ගැළපෙන අනන්‍ය වූ කාන්තාරකරණ වැළැක්වීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමට සමත් වූ බව ෂී ජින්පිං මහතාගේ මතයයි.

ෂී ජින්පිං මහතා සැම විටම ජෛව සංවර්ධනයට උපරිම අවධානයක් යොමු කරයි. ගෙවුණු වසර දෙකෙහි දක්නට ලැබුණු අසාමාන්‍ය දේශගුණික විපර්යාසය හේතුවෙන් උතුරු චීනයෙන් වැලිකුණාටු සහිත කාලගුණ තත්ත්වයන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, කාන්තාර තුළ වැලි පාලනය, විශාල පාෂාණ කඳු බෑවුම් දිගේ ඉහළට කරකැවීම වැනි ක්‍රියාදාමයකි. යම් ලිහිල් කිරීමක් හෝ අපරීක්ෂාකාරී යමක් සිදුවුවහොත් එය යළි සිදු වීමේ ප්‍රවණතාවයක් පවතී. මේ හේතුවෙන් වැලි පාලනය දිගු කාලීන ඓතිහාසික මෙහෙවරක් වන බව ද ඔහු පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම