19 වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹේ
2023-06-07 17:16:01
Share with:

19 වැනි චීන ජාත්‍යන්තර සංස්කෘතික කර්මාන්ත ප්‍රදර්ශනය Shenzhen හිදී ඇරඹේ.

එම ප්‍රදර්ශනය අද (7) Shenzhen නගරයේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය. එය එළඹෙන 11 වැනිදා දක්වා දින 5ක් පුරා පැවැත්වේ.

නගරය පුරා තිබෙන ප්‍රදර්ශන ශාලා 64ක චීනයේ සංස්කෘතික කර්මාන්තයේ සමස්ත කාර්මික දාම ප්‍රදර්ශනය කෙරේ.

මෙය ප්‍රදර්ශන ශාලා 6 කින් සමන්විතය. ඒ, ඩිජිටල් සංස්කෘතික ශාලාව, සංස්කෘතික කර්මාන්ත පිළිබඳ A සහ B ශාලා, Guangdong-Hong Kong-Macau මහා බොක්ක කලාපීය ශාලාව, සංස්කෘතික හා සංචාරක පරිභෝජනය සහ“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර ශාලාව, ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම,  අත්කම් සහ කලා නිර්මාණ ශාලාව වශයෙනි.  ප්‍රදර්ශන භූමිය වර්ග මීටර් ලක්ෂ 1.2 කින් යුතු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම