පලස්තීන චීන සබඳතා පුළුල් සංවර්ධනයක් කරා මෙහෙයවනු ඇති බවට පලස්තීන ජනපති අපේක්ෂා පළ කරයි
2023-06-07 11:24:52
Share with:

පලස්තීන- චීන ද්වීපාර්ශ්වික සබඳතාව වඩා පුළුල් සංවර්ධනයක් දිනා ගැනීම ප්‍රවර්ධනය කරනු ඇතැයි පලස්තීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි.  

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා මේ බව ප්‍රකාශ කළේ පලස්තීනයේ චීන කාර්යාලයේ නව අධ්‍යක්ෂ ලෙස ධුරයේ රාජකාරී බාර ගත් Zeng Jixin මහතාගේ ලිපිය භාර දීමේ අවස්ථාවේදීය. එය පසුගිය 5 වනදා ජෝර්දාන ගංගාවේ බටහිර ඉවුරේ Ramallah නගරයේදී පැවැත්විණ. ද්වීපාර්ශ්වික සබඳතාව වඩා වැඩි වර්ධනයක් ලබා ගැනීමට දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 35 වන සංවත්සර අවස්ථාව ප්‍රයෝජනයට ගත හැකි බව ජනාධිපතිවරයා පැවසීය. පලස්තීන ජනතාවගේ යුක්ති මෙහෙයුමට චීනය සැම විටම ස්ථිර ලෙස අනුබල දීම වෙනුවෙන් හෙතෙම ස්තූතිය පළ කළේය.

පලස්තීනය සමඟ ඒ ඒ ක්ෂේත්‍රවල සහයෝගීතා ඉදිරියට ගෙන යමින් ද්වීපාර්ශ්වික සබඳතාව නව මට්ටමකට ඉහළ නංවා ගැනීමට චීනය  උත්සාහ දරනු ඇතැයි Zeng Jixin මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම