ඇමරිකානු උසස් නිලධාරීන්ගේ නිල සංචාරවලින් මැදපෙරදිග සංහිඳියාවට බලපෑම් එල්ල කළ නොහැකි වනු ඇත
2023-06-07 23:31:01
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ඉකුත් ජූනි 6 වැනිදා සිට හෙට (08) දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත ව සිටී. මෙය මෙම වසරේ එරට උසස් පෙළේ නිලධාරීන් සෞදි අරාබියේ නිල සංචාරයන් හි නිරත වූ 3 වැනි අවස්ථාවයි. ඇමරිකානු  උසස්  නිලධාරීන් වරින් වර සෞදි අරාබියේ නිල සංචාරයන් හි නිරත වන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්නට බ්‍රිතාන්‍යයේ Reuters ප්‍රවෘත්ති ඒජන්සිය පිළිතුරු දී තිබේ. ඇමරිකාවේ හවුල්කරුවෙකු වන සෞදි අරාබියේ පැවැත්ම ශක්තිමත් කිරීම එම චාරිකාවන්හි අරමුණ බව එහි දක්වා ඇත.

Blinken සෞදි අරාබියේ චාරිකාවට එක්වූ දින, මැදපෙරදිග කලාපයේ වැදගත් සිදුවීම් 2 ක් වාර්තා විය. සෞදි අරාබියේ ඉරාන තානාපති කාර්යාලය යළි විවෘත වීම ඉන් එකකි. එය, චීනයේ නිසි මැදිහත්වීම මත, එම රටවල් 2 රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යථා තත්ත්වයට පත් කරන බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අත්කර ගැනුණු සන්ධිස්ථානාත්මක ප්‍රගතියකි. අනෙක් සිද්ධිය වූයේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මෙන් ම අග්‍රාමාත්‍ය Muhammad bin Salman bin Abdel Aziz Al Saud තම රටේ නිල සංචාරයක නිරත වැනිසියුලානු ජනාධිපති Nicolás Maduro Moros හමුවීමයි. දෙරට සහ‍යෝගිතා ඉදිරියේදී තහවුරු කරන බවට නායක දෙපළ එහිදී අපේක්ෂා පළ කළහ.

ඇමරිකාව, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු මැදපෙරදිග තත්ත්වයට අනිසි අයුරින් බලපා ඇති විශාලතම බාහිර බලවේගයයි.  ඇමරිකාව කෙරෙහි විශ්වසනීයත්වයක් ගොඩනගා ගත යුතු නැති බව මැදපෙරදිග රටවල් මැනැවින් ප්‍රත්‍යක්ෂ කර සිටී.  ඕනෑම රටක් සිය අනාගතය තීරණය කළ යුත්තේ තමා විසින්මය.

‍මැදපෙරදිග කලාපයේ තම රට කෙරෙහි පැවති  ජනප්‍රියත්වය අහිමි ව යනු දැකීමට ඇමරිකාව අකමැති ය. එහෙයින් සිය උසස් පෙළේ නිලධාරීන් වරින් වර සෞදි අරාබියට යැවීමට එම බලධාරීහු පියවර ගනිති.

එහෙත්, පවතින තත්ත්වය මත ජනාධිපති ජෝ බයිඩන් සෞදි අරාබියේ නිල සංචාරයකට එක්වුවද එය පවා නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇතැයි වි‍ශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. මැදපෙරදිග කලාපයේ ඉස්මතු වී ඇති  'සංහිඳියා ප්‍රවණතාව ’ පිළිබඳව ඇමරිකානු විද්වතෙකු වන Gregory Gause ගේ මතය මෙහිදී සනාථ වී ඇත. එනම්, ඇමරිකාව සතුව පැවති සුපිරි යැයි කියාගන්නා  බලවත් භාවය බිඳ වැටෙන බව යි.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම