ප්‍රබල සංස්කෘතියක් සහිත රටක් ගොඩනැගීමේ පළමු සංසදයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-06-07 19:48:56
Share with:

ප්‍රබල සංස්කෘතියක් සහිත රටක් ගොඩනැගීමේ පළමු සංසදය ඇරඹේ. අද (7) පස්වරුවේ චීනයේ Shenzhen නගරයේ දී  එය ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ඊට උණුසුම් සුබපැතුම් පළ කරමින්  ලිපියක් යවා ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිට චීනය පාලනය කිරීමේ දී සංස්කෘතික ගොඩනැගීම් සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දී ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ දැක්ම සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ හරය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, නව සංස්කෘතික මෙහෙවරට වඩාත් හොඳින් උර දී සංස්කෘතික ආත්ම විශ්වාසය ශක්තිමත් කළ යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එසේම, නව ඓතිහාසික ඇරඹුමක දී ශක්තිමත් සංස්කෘතියක් ඇති රටක් ගොඩනැගීමට අඛණ්ඩව කටයුතු කරන අතර, සවිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය සඳහා මනා ආධ්‍යාත්මික ශක්තියක් එන්නත් කළ යුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම