ලොවට මිත්‍රත්වයේ දෑත දිගුකරන චීන ජනපති
2023-06-07 14:03:32
Share with:

ලොව සමස්ත මානවයන්ට පොදු ඉරණමක් හිමිවිය යුතුය යන පුළුල් සංකල්පය ලොවට ගෙන ආ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලෝකය පිළිබඳ පරිණත දැක්මක් සහිත නායකයෙකු බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා පවසයි. චීන ජනපතිගේ නායකත්වයේ ඇති සුවිශේෂභාවය විග්‍රහ කරන්නට මේ සංකල්පයම වුවද ප්‍රමාණවත් බව ඔහු පෙන්වාදෙයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දුන් "එක් තීරයක් එක් මාවතක්" වැනි වැඩසටහන් මෙන්ම ගෝලීය  සංවර්ධන මුලපිරුම වැනි සංකල්ප චීන ජනපතිගේ පුළුල් දර්ශනය මැනැවින් ප්‍රකට කර ඇත. එසේම, තම රටට අනන්‍ය වූ නවීකරණ ක්‍රමවේදයක් අනුගමනය කරන චීනයේ සංවර්ධන ජයග්‍රහණ මේ වනවිට සමස්ත ලෝකයේම අවධානයට පාත්‍ර වී තිබේ. චීන අනන්‍යතාව සහිත මේ නවීකරණ ප්‍රතිපත්ති තම රටට හඳුන්වා දුන්නේ ෂී ජින් පිං මහතායි. එසේම, රටක සංවර්ධන ප්‍රතිපත්ති යුගයට සරිලන අයුරින් කාලානුරූපව වෙනස් විය යුතු බව චීන ජනපතිවරයා තම ප්‍රායෝගික ක්‍රියා කලාපය ඔස්සේ ප්‍රකට කර ඇත.

ෂී ජින්පිං මහතාගේ නායකත්වය මිත්‍රශීලී බවින් මෙන්ම සහයෝගිතා ප්‍රතිපත්තිවලින් ද පිරිපුන් ය. මේ නිසා චීනය ලොව බොහෝ රටවල කලණ මිතුරෙකු බවට පත්ව සිටී. වසංගත අර්බුදය, ස්වාභාවික විපත් හා හදිසි අනතුරු වැනි විවිධාකාර අසීරු අවස්ථාවන්හි දී ඕනෑම රටකට සහාය වීම සඳහා ඉදිරිපත් වන රටවල් අතර ප්‍රමුඛ පෙළේ චීනය පසුවෙයි.  එවන් අවස්ථා රැසක දී ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකාවට ද මිත්‍රත්වයේ දෑත දිගු කළ නායකයෙකු බව  විජේසේකර මහතා ශ්‍රී ලාංකිකයෙකු ලෙස කෘතවේදීව සිහිපත් කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම