ලතින්-ඇමරිකානු කලාපයේ ඉහළ පිළිගැනීමකට ලක් වූ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ
2023-06-07 11:07:31
Share with:

               

                “අපි සිටින්නේ පැසිෆික් සාගරයේ එක් පසෙක, පොදු සංවර්ධනය උදෙසා ශක්තිමත් මුලපිරුමක් පැසිෆික් සාගරය හරහා ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.”යනුවෙන් ‍කොලොම්බියාවේ හිටපු ජනාධිපති Ernesto Samper මහතා මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත. හෙතෙම සඳහන් කළ එවන් මුලපිරුමක් චීනය ද ඉදිරිපත් කර තිබේ. ඒ, මීට වසර 10කට පෙර චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළයි.

                 මේ වන විට ලතින්-ඇමරිකානු කලාපය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා එක්ව චීනය සමග තව තවත් සහයෝගිතාවයන් ඇති කර ගනිමින් සිටී. දැවැන්ත යටිතල පහසුකම් හා සහයෝගිතා ජාලයක් ඔස්සේ චීනය ලෝකයේ සෙසු කලාප හා සම්බන්ධ කිරීම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණයි. මේ වන විටත් ලතින්-ඇමරිකානු කලාපය එම ජාලයට එක්ව සිටින බව ලතින්-ඇමරිකානු පුවත් සේවය ද වාර්තා කරයි.

                එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ලතින්-ඇමරිකානු කලාපයේ ඉහළ පිළිගැනීමකට ලක් වෙමින් පවතී. එම වැඩපිළිවෙළ යටතේ චීනය හා ලතින්-ඇමරිකානු කලාපයේ වෙළඳාම පෙරට වඩා පුළුල් වී ඇත. ඒ හරහා ලතින්-ඇමරිකානු රටවලට චීන ආර්ථික වර්ධන‍යේ ලාභාංශ හුවමාරු කර ගැනීමේ අවකාශය ද හිමිව ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ ලතින්-ඇමරිකානු රටවල දුෂ්කර ප්‍රදේශවල ය. එබැවින් එම ව්‍යාපෘති එම ප්‍රදේශවල සංවර්ධනයට සෘජු දායකත්වයක් ලබා දෙයි. එපමණක් නොව ලතින්-ඇමරිකානු රටවල සංවර්ධනය වෙනුවෙන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ නව ජවයක් එක් කරමින් එම රටවල ස්වයං වර්ධන හැකියාව ද ඉහළ නංවා තිබේ.

              ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වක පසු වන වර්තමානයේ බහුතරයක් වූ සංවර්ධනය වෙමින් පවතින රටවල් දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටී. චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කළද එය ක්‍රියාවට නංවාලීම සඳහා දේශපාලන කොන්දේසි සහිතව චීනය කිසිදු රටකට කිසිවිටක බලහත්කාරයෙන් බලපෑම් කර නැත. මේ සියවසේ සංවර්ධනයට නව සංකල්පයක් හා නව මාර්ගයක් සපයන මෙම වැඩපිළිවෙළ, බටහිර රටවල ව්‍යාපෘති අත්දැකීම් මෙන් නොව සිය සංවර්ධන දුෂ්කරතා මැඩලීමට මනා විසඳුමක් ලබා දෙන බව ලතින්-ඇමරිකානු රටවල් ද මනා අවබෝධයෙන් සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම