ලෝක ආර්ථික සංසදයේ 14 වැනි නව ශූරයන්ගේ වාර්ෂික සමුළුව ටියැන්ජිං නග‍රයේ දී
2023-06-07 09:34:58
Share with:

ලෝක ආර්ථික සංසදයේ 14 වැනි නව ශූරයන්ගේ වාර්ෂික සමුළුව එළඹෙන 27 සිට 29 දක්වා චීනයේ ටියැන්ජිං නගරයේ දී පැවැත්වීමට නියමිතය‍. එම සමුළුව “ගිම්හාන ඩාවෝස්” ලෙසින් හැඳින් වේ.

මෙවර සමුළුවේ තේමාව වන්නේ “ව්‍යවසායකත්වය: ලෝක ආර්ථිකයේ ගාමක බලය” යන්නයි. දේශපාලන, ව්‍යාපාරික, ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල මෙන්ම විවිධ සමාජ හා ජාත්‍යන්තර සංවිධානවල ඉහළ‍ පෙළේ පුද්ගලයන් 1500 කට වැඩි ප්‍රමාණයක් එම සමුළුවට එක් වනු ඇත. ආසියාවේ හා ලොව පුරා නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය යළි බලගැන්වීම, ආර්ථික ප්‍රකෘතියේ හා තිරසර සංවර්ධනයේ මාර්ග ගවේෂණය කිරීම සහ චීනයේ හා ආසියාවේ ආර්ථික ඉදිරි දැක්ම වටහා ගැනීම මෙවර සමුළුවේ ප්‍රධාන අරමුණු අතර වෙයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම