සෞදි අරාබියේ ඉරාන තානාපති කාර්යාලය අද(6) යළි විවෘත කෙරේ
2023-06-06 14:28:07
Share with:

සෞදි අරාබියේ ඉරාන තානාපති සබඳතා ජුනි 6-7 දෙදින ඇරඹෙන බව ඉරාන විදේශ අමාත්‍යංශය ඊයේ(5) ප්‍රකාශ කළේය. ඒ අනුව සෞදි අරාබියේ ඉරාන තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල මෙන්ම, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ ඉරාන නියෝජිත කාර්යාලය, නිල වශයෙන් නැවත විවෘත කෙරෙනු ඇත.

මේ පිළිබඳ ඉරාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ, චීනයේ ක්‍රියාකාරී මැදිහත්වීම යටතේ ඉරාන - සෞදි අරාබි සබඳතා "නිර්මාණාත්මක පරිවර්තනයක්" අත්කර ගෙන ඇති බවයි. ඉරානය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීම කලාපීය ආතතීන් සමනය කර කලාපයට සාමය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇති බව ඔවුන් සඳහන් කළහ.

පසුගිය අප්‍රේල් 6වැනිදා ඉරානය සහ සෞදි අරාබිය නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමෙන් පසු, සිරියාව සහ සෞදි අරාබිය, ඉරානය සහ ජෝර්දානය, ඉරානය සහ ඊජිප්තුව යන රටවල් අතර සබඳතා උණුසුම් වන ලකුණු පෙනෙන්නට ඇත. මෙම ක්‍රියාවලිය මැද පෙරදිග දිගුකාලීන ආතතිය බෙහෙවින් ලිහිල් කර තිබේ. මැදපෙරදිග ක්‍රමක්‍රමයෙන් ඇමරිකාවේ ඇඟිලි ගැසීම්වලින් මිදෙන අතර, කලාපීය රටවල විදේශ ප්‍රතිපත්ති වඩාත් ප්‍රායෝගික වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම