ඖෂධ මිල මාස තුනකට වරක් සමාලෝචනය කිරීමට පියවර
2023-06-06 17:01:30
Share with:

ඖෂධ වර්ග 60 ක උපරිම මිල 16 % කින් අඩු කිරීම සහ සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීම සඳහා කැබිනට්  මණ්ඩල අනුමැතිය හිමිවෙයි. එය ලබන 15 වැනිදා සිට බලාත්මක වනු ඇත.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින් ඖෂධවල උපරිම මිල අවස්ථා කිහිපයක දී 97% ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබිණ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කරුණු සඳහා නියාමක ලෙස ක්‍රියාකරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම