චීන ජනපති Wuliangsu වැව ආශ්‍රිත ස්වාභාවික පරිසර පද්ධති නිරීක්ෂණය කරයි
2023-06-06 19:53:34
Share with:

ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Wuliangsu වැව නැරඹීමට පැමිණෙයි. ඊයේ (5) පස්වරුවේ එහි පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශයේ කඳු, ගංගා, වනාන්තර, කෙත්වතු, වැව්, තෘණ වර්ග සහ වැලි ආදියෙහි ආරක්‍ෂාව සහ එම පරිසර පද්ධති පාලනය පිළිබඳ විමසා බැලීය. පාරිසරික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලූ ෂී ජින් පිං මහතා, Wuliangsu වැව සහ අවට පරිසරයේ ස්වාභාවික ලක්ෂණ ද පරීක්ෂා කළේය.

ඊයේ (5) පස්වරුවේ ජනාධිපතිවරයා එහි Wuliangsu වැවේ දකුණු ඉවුරේ පිහිටි නවීන කෘෂිකාර්මික ආදර්ශන උද්‍යාන කලාපය  නිරීක්ෂණය කරමින් උසස් තත්ත්වයේ ගොවිබිම් සංවර්ධනය පිළිබඳව විමසා බැලීය.

ගොවිබිම්වල වගා කටයුතු නිවැරදිව කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා එම උද්‍යාන කලාපයේ නවීන තාක්ෂණය භාවිත කෙරේ. Beidou සංචලන ක්‍රමවේද මගින් මිනිසුන් රහිත කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කර බීජ වැපිරීම, බුද්ධිමය තාක්ෂණයෙන් වාරිමාර්ග සැකසීම සහ ඩ්‍රෝන් මගින් ශාක ආරක්ෂණය සහතික කිරීම ආදිය එහි සාර්ථකව ක්‍රියාවට නංවා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම