චීන ජනපති ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Bayan Nur නගරයේ නිල චාරිකාවක
2023-06-06 19:56:04
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ Bayan Nur නගරයේ නිල චාරිකාවක නිරත වෙයි.

හෙතෙම අද (06) එහි Linhe දිස්ත්‍රික්කයේ පිහිටි, රජය සතු Xinhua වනාන්තර භූමියට පැමිණියේ ය.

එම වනාන්තර භූමිය ඉදිකෙරුණේ 1960 වසරේදී ය. එහි වපසරිය හෙක්ටයාර් 3467 කි. මේ වනවිට එහි වන ආවරණ අනුපාතය 65% කට ළඟා වී තිබීම කැපීපෙනේ.

මීට අමතරව, ජනාධිපතිවරයා Bayan Nur නගරයේ පිහිටි Hetao වාරිමාර්ග කලාපය නැරඹීමට ද එක්විය.

Hetao වාරිමාර්ග කලාපයේ හෙක්ටයාර 769,000 කට වඩා වැඩි වාරි ප්‍රදේශයක් සහිත අංගසම්පූර්ණ සත්මහල් වාරිමාර්ග සහ ජලාපවහන පද්ධතියක් පිහිටුවා ඇත. 2019 වසරේ දී ඇතුළු මොංගෝලියාවේ Hetao වාරිමාර්ග කලාපය ලෝක වාරි ඉංජිනේරු උරුම ලැයිස්තුවට ඇතුළත් විය.

ජනාධිපතිවරයා Bayan Nur නගරයේ පැවති කාන්තාරකරණය විස්තීර්ණ අයුරින් වැළැක්වීම තහවුරු කිරීම සහ වයඹ, උතුරු හා ඊසානදිග චීනයේ පිහිටි ප්‍රධාන ජෛව ව්‍යාපෘති ගොඩනැංවීම පිළිබඳ සාකච්ඡාවේ මුලසුන දැරීය. එහිදී හෙතෙම අවධාරණය කළේ, වැලි කුණාටු වැළැක්වීම හා පාලනය සඳහා වන නව විස්මය නිර්මාණය කිරීමට වෙහෙස මහන්සිය නොතකා අධිෂ්ඨානශීලීව ක්‍රියා කළ යුතු බවයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම