ඇමරිකාව චීනය සමග සබඳතා ගොඩනඟන්නේ නම් එය ද්වීපාර්ශ්වික ප්‍රතිලාභ මත පදනම් විය යුතුයි
2023-06-06 10:27:54
Share with:

මෑතකදී චීනය සමග සබඳතාව වෙත ඇමරිකාව පරස්පර විරෝධී ප්‍රකාශ සහ ක්‍රියා සිදු කර තිබේ. එක් අතකින්, ඇමරිකා ආරක්ෂක ඇමති Lloyd Austin මහතා 20 වැනි Shangri-La සංවාද සමුළුවේදී චීනය වෙත අපහාස එල්ල කරමින් “තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රශ්නය” හා ඊනියා “යාත්‍රා නිදහස” යන්න සඳහන් කළේය. ඒ අතරම, නැගෙනහිර ආසියා හා ශාන්තිකර කලාපයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ ඇමරිකා උප රාජ්‍ය ලේකම් Daniel Kritenbrink මහතා පසුගිය 4 වනදා චීනයට පැමිණ චීන ඉහළ පෙළේ නිලධාරීන් හමු විය.

ඇමරිකාව චීනය මර්දනය කරන අතරම චීනය සමග සංවාද පැවැත්වීමෙන් සහයෝගිතා ලබාගැනීමට කටයුතු කරමින් සිටී. ඇමරිකාවේ එම පරස්පර විරෝධි ක්‍රියා, එරට විදෙස් ප්‍රතිපත්තියේ සාමාන්‍ය තත්ත්වය බවට පත් ව ඇත. චීනය විශාලතම උපාය මාර්ගික තරඟකාරී රටක් ලෙස ඇමරිකාව සාවද්‍ය ලෙසින් සැලකීමෙන් චීනය සමග සබඳතාව සමනය කිරීමේ වගකීම භාර ගැනීමට කිසිදු දේශපාලනඥයෙක් කැමැත්තක් නොදක්වයි. වර්තමානයේ ඇමරිකා ආර්ථිකය බොහෝ ප්‍රශ්න වලට මුහුණ දීම හේතුවෙන් චීනයට පැමිණෙන ඇමරිකා නිලධාරීන්ගේ වැදගත් ඉල්ලීමක් වන්නේ ඇමරිකා රාජ්‍ය ණයකර අර්බුද පාලනයයි. එමෙන්ම දේශගුණ විපර්යාසය, න්‍යෂ්ටික ආයුධ වැඩි දියුණු කිරීම, රුසියා-යුක්රේන අර්බුදය යනාදී ප්‍රශ්නවලදී චීනය සමග සහයෝගිතා පැවැත්වීමට ඇමරිකවට අවශ්‍යතාව පවතී. තමන්ට අවශ්‍යතා සහිත ක්ෂේත්‍රවල චීනය සමග සහයෝගිතා පවත්වමින් චීනයේ ප්‍රතිලාභ සැලකිල්ලට නොදැක්වීම හා හානි සිදු කිරීම ඇමරිකාව අපේක්ෂා නොකළ යුතු ය. චීනය සමග සහයෝගිතා පවත්වන්නේ නම් ‍අන්‍යෝන්‍ය ගරු කිරීම, සාමකාමී සහජීවනය, සහයෝගිතා හා පොදු ජයග්‍රහණය වැනි මූලධර්මය ඇමරිකාව අනුගමණය කළ යුතු ය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම