චීන සංවර්ධනය කෙරෙහි ඇතැම් රටවල් වැරදි දෘෂ්ටිකෝණයෙන් දකින බව නැගෙනහිර ටිමෝරයේ ජනපති පවසයි
2023-06-05 14:52:51
Share with:

චීන සංවර්ධනය කෙරෙහි ඇතැම් රටවල් වැරදි සහගත දෘෂ්ටිකෝණයෙන් දකින බව නැගෙනහිර ටිමෝරයේ ජනපති පවසයි.

ඊයේ(4) පැවති 20 වැනි ෂැංග්‍රි-ලා සංවාදයේදී ජනාධිපති José Manuel Ramos-Horta මහතා චීන සංවර්ධනය සම්බන්ධයෙන් මේ අදහස් දැක්වීය. චීනයේ සංවර්ධනය තර්ජනයක් බවට ඇතැම් රටවල මතයට කිසිවෙකුත් නම්මාගත නොහැකි බව ඔහු පැවසීය.

හෙතෙම ප්‍රකාශ කළේ විශාල රටක් ලෙස චීනයේ ජයග්‍රහණ, ධනය, ජනතාවගේ සුබසාධනය සහ ආරක්ෂාව ලෝකයේ සියලුම රටවල් සමඟ දැඩිව සම්බන්ධ වී ඇති බවයි.

 20 වන සියවසේ 90 වන දශකයේ සෝමාලියානු විදේශ කටයුතු නිලධාරියෙක් සමඟ කළ සංවාදයක් හෙතෙම එහිදී සිහිපත් කළේය. මානව හිමිකම් ප්‍රශ්න භාවිත කරමින් තුන්වන ලෝකයේ රටවල් කෙරෙහි නිරතුරුවම චෝදනා නගා ඇති බටහිර රටවල් එම රටවලට සහය දීම ප්‍රතික්ෂේප කළ බව එම සෝමාලියානු නිලධාරියා තමා වෙත පැවසූ බව José Manuel Ramos-Horta ජනාධිපතිවරයා කියා සිටියේය. චීනය සැබැවින්ම දැවැන්ත රටකි. බලාපොරොත්තු තබාගෙන අවසානයේ කලකිරීමට පත් වූ තුන්වන ලෝකයේ රටවලට චීනය සැබෑ මිතුරෙක් බව හෙතෙම ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම