එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ චීන - ලතින් ඇමරිකානු සබඳතා තරකරයි
2023-06-05 16:56:46
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙන්ම චීනය සහ ලතින් ඇමරිකාව අතර සහයෝගිතාව දෙපාර්ශ්වයේම ජනතාවට යහපත් ජීවිතයක් තිළිණ කර ඇති අතර, මහාද්වීප දෙක සමීප කිරීමට ද හේතු වී ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි. අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව අවධාරණය කළේය.

මීට දින කිහිපයකට පෙර, චීනය සහ ආර්ජන්ටිනාව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමේ සහයෝගිතා සැලැස්මකට අත්සන් තැබීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යෝජනා කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇති බව ද Wang Wenbin මහතා කියාසිටියේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමේ චීන සහ ලතින් ඇමරිකානු මිත්‍ර කවය මේ වනවිට රටවල් 21 ක් දක්වා ව්‍යාප්ත වී ඇත. පසුගිය වසරේ චීනය සහ ලතින් ඇමරිකාව අතර සමස්ත වෙළඳ පරිමාව ද වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම