චීනයේ මූලික අවශ්‍යතාවල හරය අභියෝගයට ලක්වීමට ඉඩ නොදෙන බව 20 වන Shangri-La සංවාදයේදී චීනය පවසයි
2023-06-05 10:54:01
Share with:

 20 වන Shangri-La සංවාදය ඊයේ(4) සිංගප්පූරුවේ දී අවසන් විය. චීනය, මොන්ගෝලියාව, නව සීලන්තය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල හා ජාත්‍යන්තර සංවිධානවල ආරක්ෂක අංශවල නියෝජිතයෝ සමග ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය, ජගත් හා කලාපීය තත්ත්වය හා පොදු සැලකිල්ලට ලක් කරුණු පිළිබඳව එහිදී අදහස් හුවමාරු කර ගත්හ.

සංවාදයෙන් අනතුරුව චීන නියෝජිත පිරිස මාධ්‍ය හමුවකට එක්විය. චීනය මෙම සංවාදයට පැමිණ සිටින්නේ සාමය, සහයෝගතාවය හා සංවර්ධනය උදෙසා බවත් චීනයේ මූලික අවශ්‍යතාවල හරය අභියෝගයට ලක්වීමට ඉඩ නොදෙන බවත් එම විශේෂඥවරු එහිදී ප්‍රකාශ කළහ.

   සාමකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන චීනය, තම ජනතාවට සුබසෙත නිර්මාණය කිරීමෙහි නිරත වන අතර ලෝක සංවර්ධනයට ද ශක්තිමත් බලයක් හා නව අවස්ථා ගෙන දී ඇති බව චීන යුද විශේෂඥ, ලුතිනන් ජනරාල් හෙ ලෙයි මහතා එහිදී පැවසීය.

ඇමරිකාව සිය පොරොන්දු කඩා බිඳීම නිරතුරුව සිදු කරන බවත්, තායිවාන ප්‍රශ්නය හා දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳව චීනයේ ඉවසීමට අඛණ්ඩව අභියෝග කළ බවත් චීන ජාතිකාරක්ෂක විශ්ව විද්‍යාලයේ උප මහාචාර්ය චාං චී මහතා පෙන්වා දෙයි. ඉන් චීන ඇමරිකා සම්බන්ධතාවයේ දේශපාලන පදනම සැලී තිබෙන අතර කලාපීය නොසන්සුන්තාවය ද උත්සන්න වී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම