ඉන්දියාවේ සිදුවූ දරුණු දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි
2023-06-05 09:34:35
Share with:

ඉන්දියාවේ සිදුවූ දරුණු දුම්රිය අනතුරට හේතුව දුම්රිය මාර්ගයේ ඉලෙක්ට්‍රොනික අන්තර් අගුළු පද්ධතියේ සහ පීලි මාරු කිරීමේ යාන්ත්‍රික කේන්ද්‍රයේ වෙනස් කිරීම් බව එරට දුම්රිය අමාත්‍යවරයා පවසයි. 

අනතු‍රෙන් මේ දක්වා මිය ගොස් ඇති පිරිස 288කි. තවත් 1000ක‍ට අධික පිරිසක් තුවාල ලබා සිටිති. ‍ධාවනයේ දී දුම්රිය අතර ගැටීමක් වළක්වා ගැනීමේ ආරක්ෂිත පියවරක් ලෙසට ඉලෙක්ට්‍රොනික අන්තර් අගුළු පද්ධතිය සකස් කර තිබේ.

ඔඩිෂා හිදී දුම්රිය තුනක් පිලී පැනීමෙන් මෙම දරුණු අනතුර සිදුවිය.ඊට සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඇතැයි ඉන්දීය දුම්රිය ඇමතිවරයා සඳහන් කරයි.දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද ක්‍රියාත්මකයි.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම