ආසියාව තුළ නව සීතල යුද්ධ දියත් කිරීම සම්බන්ධයෙන් කලාපීය රටවල දැඩි විරෝධය
2023-06-05 16:59:35
Share with:

කිසියම් රටක් ආසියාව තුළ නව සීතල යුද්ධයක් දියත් කිරීම කලාපීය රටවල දැඩි විරෝධයට ලක්ව ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (05) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

පසුගිය දා සිංගප්පූරුවේ පැවති 20 වන Shangri-La සංවාදයේ දී, ඉන්දුනීසියාව, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක උසස් පෙළේ නිලධාරීන් පවසා ඇත්තේ ‘ නව සීතල යුද්ධයක් ’ බලාපොරොත්තු නොවන අතර, චීනය හෝ ඇමරිකාව හෝ සමග පක්ෂපාතී වීමට අකැමති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wang Wenbin මහතා කියා සිටින්නේ, ඇතැම් රටවල් කලාපීය සාමය හා සමෘද්ධිය පිළිබඳව වාචික ව  අදහස් පළ කළ ද නානාවිධ යුදමය කණ්ඩායම් බිහි කර ඇති බවයි. NATO සංවිධානය ආසියාතික හා ශාන්තිකර ප්‍රදේශ වෙත ව්‍යාප්ත කිරීමට ද තැත් කර තිබේ. බහුතර කලාපීය රටවල් මීට තරයේ එරෙහි වන අතර, සීතල යුද්ධ ඇතුළු ඕනෑ ම ආකාරයක යුද්ධ ආසියාව තුළ යළි දියත් කිරීමට අවසර නොදෙන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම