මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බව ජනපති කියයි
2023-06-05 14:16:03
Share with:

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. ව්‍යාපාරවල නිරත වීමේ පහසුව, ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය ඍජුවම බලපාන බව ද හෙතෙම පවසයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ නුවරඑළියේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනයට එන්වෙමිනි.“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේදී නීති පද්ධතියේ කාර්යභාරය සහ ව්‍යාපාරික ස්ථාවරත්වය” යන තේමාව යටතේ පැවති සමුළුව ඊයේ (04) අවසන් විය.

මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ, එසේ නොවුණහොත් ශ්‍රී ලංකාව නැවත වාරයක් උපායමාර්ගික ඌනතා සහිත රටක් ලෙස ලැයිස්තුගත වීමේ අවදානමක් පවතින බවයි. එසේම එමඟින් රටේ ආර්ථික සංවර්ධනයට එල්ල වන බලපෑම ද වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. 

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම