වයඹදිග නයිජීරියාවේ ගැටුම්වලින් පුද්ගලයින් 30ක් පමණ මරුට
2023-06-05 14:57:48
Share with:

වයඹදිග නයිජීරියාවේ ගම්මානවලට එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් 30 දෙනෙක් මිය යති.

වයඹදිග නයිජීරියාවේ Sokoto ප්‍රාන්තයේ ගම්මාන රැසකට ඉකුත් 3වැනි දා සන්නද්ධ පුද්ගලයන්ගෙන් ප්‍රහාර එල්ල වූ බව නයිජීරියානු පොලිසිය ඊයේ (4) ප්‍රකාශ කළේ ය. එම ප්‍රහාරවලින් අවම වශයෙන් ගම්වැසියන් 30 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.පොලිස් ප්‍රකාශයට අනුව මිය ගිය අය වූයේ Sokoto ප්‍රාන්තයේ Tangaza දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකායක සාමාජිකයන් ය.

ආරක්ෂක කටයුතු දැනුවත් කිරීම සඳහා ඉකුත් 3වැනි දා එම ආරක්ෂක බලකාය Tangaza දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් එ‍‍‍ඬේරුන් සිටින ජන ප්‍රජාවකට සිය සාමාජිකයන් යවා තිබිණ. එහිදී එම සාමාජිකයන් එ‍‍‍ඬේරුන්ට පහර දීම් සිදු කර ඇත. ආපසු සිය ගම්මානවලට ගිය පසු ඔවුන් එඬේරුන් සංවිධාන කළ බවට සැක කෙරෙන සන්නද්ධ පුද්ගලයන් විසින් ප්‍රහාර එල්ල කරන ලදී.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම